Welcome to Viron Japan Academy
Viron Japan Academy
2026, Jul, 20
Viron Japan Academy හි තවත් අභිමානවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අප ආයතනය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 2026 අප්‍රේල් මස 22 වන දින පවත්වන ලද SSW Automobile විභාගය සමත් සිසුන් සඳහා වූ ප්‍රථම ජපන් රැකියා සම්මුඛ පරීක්ෂණය 2026 මැයි මාසයේ 27 වන දින සාර්ථකව පවත්වන ලදී.
ජපානයේ IBARAKI ප්‍රාන්තයේ Tsukuba නගරයේ පිහිටි ISODA AUTO ආයතනය සඳහා අවශ්‍ය දක්ෂ මෝටර් රථ කාර්මික ශිල්පීන් (Automobile Technicians) දෙදෙනෙකු තෝරාගැනීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්විණි.
මෙම සුවිශේෂී සම්මුඛ පරීක්ෂණයෙන් ජපානයේ SSW Automobile Technician ස්ථිර රැකියාව සඳහා තේරී පත් වූ සංඛ නදීර (Sankha Nadeera) සහ මලීෂ පෙහෙසර (Maleesha Pehesara) යන ආදරණීය දූ දරුවන් දෙදෙනාට Viron Japan Academy අපගේ හදපිරි උණුසුම් සුභපැතුම් එක් කර සිටිමු!
Viron Japan Academy තුළ අධ්‍යාපනය සහ ප්‍රායෝගික පුහුණුව ලබන මෝටර් රථ කාර්මික ශිල්පීන් සඳහා SSW Visa කාණ්ඩය යටතේ ජපානයේ සුරක්ෂිත රැකියා දොරගුළු මෙලෙස සාර්ථකව විවර කිරීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වන්නෙමු.
මෙම මහඟු අවස්ථාව ශ්‍රී ලාංකේය දූ දරුවන් වෙත ලබාදීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ VIRON සමූහයේ ප්‍රධානී Satoshi Takikawa මහතාටත්, අපගේ කළමනාකාර අධ්‍යක්ෂ ලෝරන්ජන් සුභාෂ් සේසිරි පෙරේරා (Loranjan Subash Sesiri Perera) මහතාටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.
එමෙන්ම, දැනට ජපානයේ Automobile Technicians ලෙස සාර්ථකව සේවය කරමින් අප ආයතනයට සහ රටට කීර්තියක් අත්කර දෙන කවින්ද (Kavinda), ශමක (Shamaka), අසංක (Asanka), සහ ෆයාස් (Fayaz) යන පුහුණු සිසුන්ටද Viron Japan Academy හි විශේෂ ස්තූතිය හිමිවේ.
අනාගතයට ශක්තිමත් පදනමක් දමමින් ජපන් සිහිනය සැබෑ කරගැනීමට වෙහෙසෙන සියලුම සිසුන්ට අපගේ නිසි මගපෙන්වීම නිරන්තරයෙන් හිමිවනු ඇත.
~ Viron Japan Academy
Pubudu Jayarathne